- New
Reference:
by Sudath Saman Priyantha
1818 කැරැල්ලෙන් දිවි බේරාගත් වැව්ගම්පත්තුවේ පැරණි ජනයාගේ ජීවිතය ගෙවීගිය අයුරු සහ ඔවුන් කළ කටයුතුත්, ඒ පිළිබඳ සිරිත් විරිතුත් මෙහි ඇතුළත් වේ. ඔවුහු ජීවිතය පවත්වාගෙන යෑම සඳහා හේන් වගාව, කුඹුරු ගොවිතැන, දඩයම සහ මී පැණි කැඩීම වැනි කටයුතු කළහ. ඒවා කරත්දී ඔවුන් කළ වතාවත් ආදිය මෙහි ඇතුළත් වේ. හෝලිකේ උපන් වන්නකු තිසාහාමි නම් වූ අපූරු මිනිසා ඇතුළු ඔහුගේ පවුලේ උදවිය පිළිබඳ විස්තර මෙහි ඇතුළත් කිරීමට කර්තෘතුමන්ට හැකි විය. පොලීසියෙන් බේරී සිටීමට වන්නකු තිසාහාමි කටයුතු කළ ආකාරය සහ තිසාහාමිගේ බාල දුව වූ කොම්බි සමග කර්තෘතුමන් පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකට අදාළ කරුණු ද මෙහි දැක්වේ. මීට අමතරව අද රාජ්ය සේවයේ පරිහානිය කියාපාන විස්තර ද එය නගා සිටුවිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව කර්තෘතුමන් සිතන යෝජනාවලියක් ද මේ පොතට අයත් වේ.
by Sudath Saman Priyantha